ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කඩා වැටීමට හේතුව මුරලි කියයි (Video)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කඩා වැටීමට හේතුව මුරලි කියයි (Video)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලු සාමාජිකයන්ට නායකත්වය ලබාගැනීමට අවශ්‍ය වී ඇති නිසා වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කඩා වැටී ඇති බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (17) රාත්‍රියේ පැවති පාසල් ක්‍රිකට් සම්මාන උලෙළට එක්වෙමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ පාසල් ක්‍රිකට් සංගමය එක් ව සංවිධාන කළ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ සම්මාන උලෙළ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ පැවැත්විණි.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් ව සිටියේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ය.

COMMENTS