ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක්

පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
අද පැවති මාධ්‍ය හමුවක දී ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා මේ බව සඳහන් කළා.
මේ මාසයේ දී ඩෙංගු රෝගීන් 1,885දෙනෙකු වාර්තා වී ඇති අතර, වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 66,368 ක්.
එමෙන්ම ඩෙංගු වැළදීමෙන් පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළා.

