බස්රථ අලංකරණය කිරීම සඳහා අවසර ලබා දිය යුතුයි – නාමල්

ජනතාවට අනතුරක් නො වන ආකාරයෙන් යම් නීති මාලාවකට යටත්ව බස්රථ අලංකරණය කිරීම සඳහා අවසර ලබා දිය යුතු බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පවසනවා
ඒ, බස්රථ හිමියන් නාමල් රාජපක්ෂ සමග පැවති සාකච්ඡාවකදීයි.
”බස්රථ අලංකරණය කිරීම යනු වෙනම කර්මාන්තයක් ඒ වගේම කලාවක්. ජනතාවට හානි නොවනවානම් බස්රථ අලංකරණය කිරීමෙහි කිසිදු ගැටළුවක් නෑ” යනුවෙනුයි මන්ත්රීවරයා එහිදී ප්රකාශ කර සිටියේ.
කඩකරනවානම් හෝ ජනතාවට අපහසුතූවයක් ගෙන දෙනවානම් ඊට නීති තිබෙනවා බවත් ඒවා ක්රියාත්මක කිරීමේදී ජනතාවට හානි නොවන ආකාරයේ අලංකරණ කටයුතු කල බස්රථ වලට සහනයක් දෙන මෙන් ඉල්ලා සිටින බවත් නාමල් රාජපක්ෂ එහිදි පවසා සිටියා.
මාර්ග බලපත්ර වලට පිටින් හා බස්රථ බලපත්ර වලට පිටින් නොයන බස්රථ අලංකරණ කටයුතු සිදු කිරීම වරදක් නොවන බවයි මන්ත්රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

