රන් මිල ඉහළට

අද (20) දිනයේ දී රන් මිල රුපියල් 10,822ක මුදලකින් ඉහළ ගොස් තිබෙනවා.
රන් අවුන්සයක මිල සටහන් වුණේ රුපියල් 644,280ක් ලෙසයි.
කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 22,730ක් ලෙස සටහන් වී ඇති අතර, කැරට් 22 ග්රෑම් 1ක මිල සටහන් වුණේ , රුපියල් 20,840ක් ලෙස යි.
කැරට් 21 ග්රෑම් 1ක මිල රුපියල් 19,890ක් ලෙස සටහන් වූ අතර, කැරට් 24 පවුමක මිල අද (20) දිනයේ දී රුපියල් 181,850ක් ලෙස සටහන් වුණා.

