එළවළු මිල පහතට

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට එළවළු මිල පහත වැටී ඇති බව වාර්තා වෙනවා.
ආර්ථික මධ්‍යස්ථානවලට පැමිණෙන වෙළඳුන් ප්‍රකාශ කරන්නේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළවළු මිල පහත වැටී ඇති බවයි.
නමුත් වෙළඳපොළේ දෙහි සඳහා අධික මිලක් පැවතුන ද, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දියබෙදුම, ගිරිතලේ, මැදිරිගිරිය ප්‍රදේශවල ගොවීන් තම දෙහි අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව අපහසුතාවට පත්ව ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

