පලස්තීනුවන්ට මානුෂීය ආධාර
ඊශ්‍රායලය විසින් වටලා ඇති ප්‍රදේශ සඳහා ආහාර, බෙහෙත් සහ ජලය හිඟයෙන් පෙළෙන පලස්තීනුවන්ට අත්‍යවශ්‍ය ආධාර ලබා දීම සඳහා ඊජිප්තුව සහ ගාසා තීරය අතර රෆා දේශසීමා හරස් මාර්ගය විවෘත කර තිබෙනවා.
මේ අනුව අත්‍යවශය ඖෂධ සහ ආහාර ද්‍රව්‍ය රැගෙන ඊජිප්තුවේ සිට ට්‍රක් රථ 20ක් ඇතුළු රථ පෙළක් ගාසා තීරයට ඇතුළු වීමට අවසර ලබා දී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ නොකඩවා එල්ලවන ඊශ්‍රායල ප්‍රහාර මධ්‍යයේ සිරවී සිටින පලස්තීනුවන් වෙනුවෙන් මානුෂීය අධාර රැගත් රථ සඳහා ගාසා තීරයට ඇතුළු වීමට රෆා පිවිසුම මේ වනවිට විවෘත කර ඇති බවයි.