ඊශ්‍රායලයෙන් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර දැඩි කිරීමට තීරණයක්

ඊශ්‍රායලයෙන් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර දැඩි කිරීමට තීරණයක්

ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර අද (22) සිට දැඩි කිරීමට තීරණය කර තිබේ.
ඊශ්‍රායල හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඉදිරි අදියරවලදී තම හමුදාව මුහුණ දෙන අවදානම් සහගත තත්ත්වයන් අවම කිරීම සඳහා එම තීරණය ගත් බවයි.

ඒ අනුව උතුරු ගාසා තීරයේ තවදුරටත් සිවිල් ජනතාව රැඳී සිටී නම් වහාම දකුණු ප්‍රදේශ බලා ගමන් කරන ලෙස ඔහු නිවේදනය කර ඇත.

මේ අතර ගාසා තීරයේ ජනතාව සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය සැපයුම් රැගත් ට්‍රක් රථ සඳහා රෆා පිවිසුම ඊයේ විවෘත කළේ ය.

ඒ, ජලය, ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොමැති වීමෙන් ගාසා තීරයේදී අර්බුදයකට මුහුණ දුන් විශාල පිරිසකට සහන සැළසීමේ අරමුණිනි.

ඊශ්‍රායලය එම සැපයුම් ලබාදීමට දේශ සීමා විවෘත කිරීම ප්‍රතික්ෂේප කළ පසුබිමක, විපතට පත් සිවිල් ජනතාවට අවශ්‍ය ආධාර ලබාදීමට තිබූ එකම මාර්ගය ඊජිප්තු – ගාසා දේශ සීමාවේ රෆා පිවිසුමයි.

කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, එම ආධාර තොගය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි.

ගැටුම් හේතුවෙන් මේ වනවිට දෙරටේ මියගොස් ඇති පුද්ගලයින් ගණන 5800 ඉක්මවා ඇත.

තුවාලකරුවන් සංඛ්‍යාව 19,900ට අධිකයි.

https://tinyurl.com/tabu6925