අමාත්‍ය මණ්ඩලයේ සංශෝධනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද(23) පෙරවරුවේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කළා.
ඒ අනුව කැබිනට් අමාත්‍ය ධූර 03ක් සඳහා පත් කෙරුණු අමාත්‍යවරු අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දුන්හ.
සෞඛ්‍ය අමාත්‍ය ධූරය දැරූ කෙහෙළිය රඹුක්වැල්ල එම ධූරයෙන් ඉවත් කර නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය රමේෂ් පතිරණ පත් කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වූ නසීර් අහමඩ් දැරූ පරිසර අමාත්‍ය ධූරයේ කෙහෙළිය රඹුක්වැල්ල දිවුරුම් දී තබෙනවා.
වෛද්‍ය රමේෂ් පතිරණ දැරූ වැවිලි කර්මාන්ත අමාත්‍ය ධූරයේ අමාත්‍ය මහින්ද අමරවීර දිවුරුම් දී තිබෙනවා. ඒ ඔහු දැනට දරන කෘෂිකර්ම අමාත්‍ය ධූරයට අමතරවයි.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන රංජිත් සියඹලාපිටිය එම ධූරයට අමතරව කැබිනට් නොවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍යවරයා ලෙස ද දිවුරුම් දුන් බවයි.

