ඩොලරයේ වැඩිවීමක්

ඩොලරයේ වැඩිවීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (23) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පෙර සතියට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් සහ ගැනුම් අගය සුළු වැඩිවීමක් වාර්තා වී තිබෙනවා.

අද දිනයේ එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අගය සටහන් වී ඇත්තේ රුපියල් 320.32ක් ලෙසයි.

පසුගිය සිකුරාදා අමෙරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 319.64 ක් ලෙස සටහන් වී තිබෙනවා.

අද දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 331.50ක් ලෙස සටහන් වූ අතර, පසුගිය සිකුරාදා එම අගය රුපියල් 330.41 ක් ලෙසයි වාර්තා වූණා.