බිහිසුණු දුම්රිය අනතුරක් – 17ක් මරුට

බිහිසුණු දුම්රිය අනතුරක් – 17ක් මරුට

ඊසානදිග බංග්ලාදේශයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් මේ වනවිට පුද්ගලයන් 17 දෙනෙකු මිය ගොස් 100 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නැඟෙනහිර බහිරාබ් නගරයේ සිදුවූ මෙම අනතුරෙන් ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වූ මගී දුම්රියක භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ගැටීමෙන් මගී මැදිරි දෙක පීලි පැනීමකට ලක්වීමෙන් අනතුර සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහා අදහස් දක්වමින්, බහිරාබ්හි රජයේ පරිපාලකයෙකු වන Sadiqur Rahman පැවසුවේ,අනතුරෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇති බවත්, ආරක්ෂක අංශ වාර්තා කරන පරිදි, සුන්බුන් අතර මළ සිරුරු තවමත් දැකගත හැකි බවයි.

https://tinyurl.com/3e7pzmm5