මතීෂ වෙනුවට ඇන්ජලෝ ශ්‍රී ලංකා සංචිතයට

මතීෂ පතිරණ වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමට, ලෝක කුසලාන ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි මතීෂ පතිරණ ආබාධයක් හේතුවෙන් ඉන් ඉවත් කෙරිණි.
ඔහු වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් සංචිතයට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසර ඉල්ලා තිබූ අතර, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි තාක්ෂණික කමිටුවේ අවසරය ඊට හිමිව තිබෙනවා.
තරගාවලිය අතරතුර ක්‍රීඩකයෙකු ආබාධයකට ලක් වූ විට ඔහුව ඉවත් කර වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට කැඳවීමට නම්, අනිවාර්යයෙන්ම තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමි විය යුතුයි.
ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර පසුගියදා ඉන්දියාවට යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේ ය.
ඒ, කිසියම් අවස්ථාවකදී ක්‍රීඩකයෙකු ආබාධයකට ලක්වුවහොත් සංචිතයට කැඳවීමටයි.
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය එංගලන්තය සමඟ හෙට (26) පැවැත්වෙන්නේ බැංගලෝර්හිදී ය.

