යූනියන් බැංකුවේ බහුතර කොටස් නේපාලයට

යූනියන් බැංකුවේ බහුතර කොටස් නේපාලයට

නේපාලයේ ප්‍රකෝටිපතියෙකු වන බිනෝද් චෞද්‍රිගේ CG Corp සමූහය, Union Bank of Colombo PLCහි බහුතර කොටස් අත්පත් කර ගැනීමේ ගනුදෙනුව අවසන් කර ඇති බව කොළඹ කොටස් වෙළඳපොලට (CSE) දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ගනුදෙනුව ප්‍රථම වරට 2022 දෙසැම්බර් මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද අතර 2023 සැප්තැම්බර් මාසයේ දී මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

යුනියන් බැංකුවේ 71%ක කොටස් හිමිකාරිත්වය දරන Culture Financial Holdings සමාගම සිංගප්පූරුවේ නීති යටතේ සංස්ථාපිත පුද්ගලික සමාගමක් වන CG Capital Partners Global Ltd විසින් අත්පත් කරගෙන තිබෙනවා.