තෙල් මිල පහළට

තෙල් මිල පහළට

පසුගිය සතිය පුරා ඇමරිකානු ඩොලර් 90 ඉක්මවා තිබූ ලෝක වෙළද පොළේ බොරතෙල් මිල අද ඩොලර් 3 කට ආසන්න අගයකින් පහත වැටුනා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ (26) සටහන් වන්නේ ඩොලර් 87 ක් ලෙසයි.

ඇමරිකානු ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක් ඩොලර් 82.90 ක් ලෙස සටහන් වනවා. ගාසා තීරයේ යුද උණුසුම සහ චීනයේ කර්මාන්ත යලි වේගයෙන් වර්ධනය වීම හේතුවෙන් ලෝක බොරතෙල් මිලෙහෙයි වැඩි වීමක් පෙන්නුම් කළා.