ඊශ්‍රායල ගාසා යුධ ගැටුමෙන් දරුවන් 3000කට දිවි අහිමිවෙයි
ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ වූ දා පටන් මේ දක්වා ගාසා තීරයේ පලස්තීනුවන් 7000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් ව ඇති අතර, ඉන් 3000කට ආසන්න පිරිසක් ළමුන් බව වාර්තා වෙනවා.
ගාසා තීරයේ ජනාකීර්ණ ස්ථානවලට එල්ල වූ නවතම ප්‍රහාරවලින් පලස්තීනුවන් 33 දෙනෙකු මිය ගොස් ඇති අතර, පලස්තීන ගාසා තීරයට ඊයේ (26) රාත්‍රියේ ප්‍රහාරක යානා මෙන්ම ඩ්‍රෝන් යානා යොදාගනිමින් ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
ඊශ්‍රායල ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ යුද ටැංකි පිරිවරා ගත් ඊශ්‍රායල සීමිත ගොඩබිම් මෙහෙයුම උතුරුදිග ගාසා තීරයේ බෙයිට්හනුන් නගරයේ මෙන්ම අල් – බෙරයිජ් සරණාගත කඳවුර ආශ්‍රිතව ඊයේ (26) ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවයි.
ගාසා තීරයේ දකුණුදිග කාන් යුනිස් නගරයට ද ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වූ බව පලස්තීන ප්රවෘත්ති සේවාවන් වාර්තා කළා.
ඊශ්‍රායලයේ එම සන්නද්ධ හැකියාවක් පවත්වා ගැනීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය විසින් වාර්ෂික ව ඩොලර් බිලියන 3.8ක පමණ යුද ආධාර සපයන බව වාර්තා වෙනවා.
ඊශ්‍රායලයේ සක්‍රිය හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 1,69,500ක් වන අතර, ස්වෙච්ඡා බල සේනාවේ සාමාජික සංඛ්‍යාව 4,65,000ක්.
යුද ටැංකි 2200ක් සහ කාලතුවක්කු 530ක් සහිත ගොඩබිම් හමුදාවට අයන් ඩෝම් ගුවන් ආරක්ෂණ පද්ධතියේ ආරක්ෂාව ද එයට ඇතුළත්.
ඊශ්‍රායල ගුවන් හමුදාවට ප්‍රහාරක ගුවන්යානා 339ක් ඇති අතර ඊට F-16 යානා 196ක්, F-15 යානා 83ක් සහ F-35 යානා 30ක් ඇතුළත්.
මීට අමතර ව ඊශ්‍රායල ගුවන් හමුදාව සතු ව හෙලිකොප්ටර් යානා 142ක් ඇති අතර, ඉන් 43ක් ඇපාචි වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා බව වාර්තා වෙනවා.
ඊශ්‍රායල නාවික හමුදාවට මුර සංචාර සහ ප්‍රහාරක යාත්‍රා 49ක් ඇති අතර, ඔවුන් සතු ව සබ්මැරීන යාත්‍රා 05ක් ද තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.