විදුලි සේවකයින් අනිද්දා කොළඹට එයි

විදුලි සේවකයින් අනිද්දා කොළඹට එයි

සියලු විදුලි සේවකයන් අනිද්දා (01) කොළඹට කැඳවා දැවැන්ත විරෝධතාවක නිරතවන බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා.

විදුලි බිල නැංවීමට එරෙහිව අත් පත්‍රිකා බෙදාදීමේ අවස්ථාවකට අද (30) එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් කියා සිටියේ විදුලිබල මණ්ඩල මුලස්ථානය ඉදිරිපිට මෙම විරෝධතාව සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර, විදුලි ගාස්තු ඉහළ නැංවීමට එරෙහිව දිවයිනේ ප්‍රදේශ රැසක පන්දම් දල්වමින් ඊයේ (29) රාත්‍රියේදීත් විරෝධතා පැවැත්වුණා.

COMMENTS