ප්රදේශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාවත් සමග තවත් ප්රදේශ කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඊයේ රාත්රී 7.30 සිට අද රාත්රී 7.30 දක්වා ක්රියාත්මක වන පරිදි මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.
ඒ අනුව කෑගල්ල දිස්ත්රික්කයේ ගලිගමුව, දෙහිඕවිට, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය සහ කෑගල්ල ප්රදේශ සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.
එසේම කුරුණෑගල දිස්ත්රික්කයේ මාවතගම සහ පොල්ගහවෙල සඳහා පළමු මට්ටමේ නායෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
මේ අතර කුරුණෑගල දිස්ත්රික්කයේ රිදීගම ප්රදේශය සඳහා නිකුත් කර තිබූ පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර ඇත.
එසේම මහනුවර දිස්ත්රික්කයේ තුම්පනේ සහ මාතලේ දිස්ත්රික්කයේ ලග්ගල පල්ලේගම ප්රදේශ සඳහන් නිකුත් කර තිබූ පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම දෙවන මට්ටම දක්වා වර්ධනය කර ඇත.
ඊයේ පස්වරු 7.30ට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර තිබූ නායෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය පහතින්,



