2034 ලෝක පාපන්දු කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය සෞදි අරාබියට හිමිවීමේ ලකුණු

2034 ලෝක පාපන්දු කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය සෞදි අරාබියට හිමිවීමේ ලකුණු

2034 ලෝක පාපන්දු කුසලාන තරඟාවලිය පැවැත්වීමේ අවස්ථාව සෞදි අරාබියට හිමිවිය හැකි බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

එම අවස්ථාව හිමි කරගැනීමට ඔස්ට්‍රේලියාව ද තරඟ කිරීමට සැලසුම් කර සිටිය ද ඔවුන් අද ඒ සඳහා ඉදිරිපත් නොවීමට තීරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලෝක පාපන්දු කුසලාන තරඟාවලිය පැවැත්වීමේ අවස්ථාව සඳහා ඉල්ලුම් කිරීමට ලබා දී තිබූ කාලය අදින් (31) අවසන් වුණා.

මේ සඳහා ඉල්ලුම් කර තිබූ සෞදි අරාබියට 2034 පාපන්දු ලෝක කුසලාන සත්කාරකත්වය හිමිවීමට ඉඩ තිබෙන බව වාර්තා වෙනවා.

එමෙන්ම 2026 පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය අමෙරිකාව, මෙක්සිකෝව සහ කැනඩාව යන රටවල පැවැත්වීමට නියමිතයි.

එසේම 2030 තරඟාවලිය මොරොක්කෝව, පෘතුගාලය සහ ස්පාඤ්ඤය යන රටවල් ප්‍රධාන සත්කාරකත්වය ලබාගෙන ඇති අතර තරඟ කිහිපයක් ආජන්ටිනාව පැරගුවේ සහ උරගුවේ යන රටවල ද පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.