කාර්යාල දුම්රිය ගමන් වාර 7 ක් අවලංගු කරයි

කාර්යාල දුම්රිය ගමන් වාර 7 ක් අවලංගු කරයි

දුම්රිය රියදුරන් නිසි පරිදි සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් කාර්යාල දුම්රිය ගමන්වාර 7ක් අද පස්වරුවේ අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ අනුව සියලුම මාර්ගවල ධාවනය කෙරෙන කාර්යාල දුම්රිය ගමන් වාර 7 ක් මෙලෙස අවලංගු කර ඇති බව වාර්තා වෙනවා.

ඊයේ දිනය තුළ ද කාර්යාල දුම්රිය ගමන් වාර 16 ක් අවලංගු කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ රාත්‍රී තැපැල් දුම්රිය ධාවනයට කිසිදු බාධාවක් නොමැති බවයි.

COMMENTS