ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් විකිණීමට ටෙන්ඩර් කැඳවයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් විකිණීමට ටෙන්ඩර් කැඳවයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් විකිණීම සදහා ටෙන්ඩර් කැදවීම අද (31) ආරම්භ කරන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා.

ඒ අනුව අද සිට දින 45ක කාලයක් මෙම ටෙන්ඩර් කැදවීම සිදු කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් මිලදී ගැනීමට අදාළ වැඩසටහන අධියර දෙකක් යටතේ ක්‍රියාත්මක අතර, දේශීය මෙන්ම අන්තර්ජාතික සමාගම් සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙම ටෙන්ඩර් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය අවසන් වූ පසු අදාළ ක්‍රියාවලිය සඳහා සුදුසු සමාගම් තෝරා ගැනීමට කටයුතු කිරීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම රජයේ සමාගමක් ලෙසින් දශක 4ක් පුරා සිය සේවා කටයුතු පවත්වාගෙන යනු ලබන සමාගමක්.