බංග්ලාදේශයෙන් ලකුණු 204ක ඉණිමක්

බංග්ලාදේශයෙන් ලකුණු 204ක ඉණිමක්

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව අද පැවැත්වෙන තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 45යි පන්දු 1ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 204ක් රැස්කරගත්තා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ Mahmudullah පන්දු 70කදී ලකුණු 56ක් රැස්කරගැනීමට සමත්වුණා.

ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 6ක් ඇතුළත්.

බංග්ලාදේශ ලකුණු පුවරුව ශක්තිමත් කළ නායක Shakib Al Hasan පන්දු 64ක දී හතරේ පහර 4ක් සමඟ ලකුණු 43ක් රැස්කරගත්තා.

පන්දු යැවීමේ දී බංග්ලාදේශ කණ්ඩායමේ සිහින බොඳ කළ Shaheen Shah Afridi ලකුණු 23කට කඩුලු 3ක් දවාගත්තා.

Mohammad Wasim කඩුලු 3ක් දවාගැනීමට සමත් වුණා.

Haris Rauf කඩුලු 2ක් දවාගත් අතර, Iftikhar Ahmed සහ Usama Mir ද එක් කඩුල්ල බැගින් දවාගත්තා.