ඊශ්‍රායලයේ දී අතුරුදන් වූ ශ්‍රී ලාංකිකයා ගැන ආරංචියක්

ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරය අතරතුර අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකික සුජිත් යටවර බණ්ඩාර මේ වන විට හමාස් ප්‍රාණ ඇපකරුවන් අතර සිටිය හැකි බවට සැක පළකරන බව ඊශ්‍රායලයේ විදේශ අමාත්‍යාංශය නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ පැහැරගෙන ගොස් ඇති පුද්ගලයින් අතර සුජිත් සිටින බවට සැක පළකරන බවයි.
හමාස් සංවිධානය රතු කුරුස සංවිධානය හරහා නාම ලේඛනය ඉදිරිපත් කළහොත්, සුජිත් මහතාගේ නම එහි තිබුණ හොත් ඔහුව මුදාගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ද නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
දෙදරු පියෙකු වන සුජිත් යටවර බණ්ඩාර මහතා 2015 වසරේ ඊශ්‍රායලයේ රැකියාව සඳහා ගොස් ඇති අතර, ඔහු වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකික සුජිත් යටවර බණ්ඩාර මහතා


