පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිට අවවාදයක්

පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන් විසින් ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත්කරමින් කරන අනර්ථ දේශනයන් පැවැත්වීමෙන් වළකින ලෙස මල්වතු පාර්ශ්වයේ මහනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු නායක කාරක සංඝ සභාවේ ස්වාමීන් වහන්සේලා විසින් අවවාද කර තිබෙනවා.
මල්වතු මහා විහාරයට ඊයේ (31) කැඳවූ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන් වෙත මෙසේ අවවාද සිදු කළ බව වාර්තා වෙනවා.
එමෙන්ම උන්වහන්සේ එම අවවාද අනුශාසනා පිළිගත් බවත්, මල්වතු පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමියෝ අද මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළා.
ඉදිරියේ දී උන්වහන්සේ ගේ දේශනා ආගම දහමට අනුකූල ව සිදු කරන බවට සිරිධම්ම හිමියන් පොරොන්දු වූ බව අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළා.

