ජනාධිපති හා පෞද්ගලික අංශ නියෝජිතයින් අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික අංශයේ නියෝජිතයින් කිහිපදෙනෙක් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එම හමුවේ දී ආර්ථික අර්බුදයෙන් මිදී තිරසර වර්ධනයක් ලබාගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ වැඩසටහන් සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කළ බවයි.
රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාවය දියුණු කිරීමට සහ ආදායම වැඩිකර ගැනීමට යෝග්‍ය යෝජනාවලියක් එම නියෝජිතයින් විසින් ජනාධිපතිවරයාට භාරදුන් බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

