රාජ්‍ය විශ්වවිද්‍යාල හෙට සංකේත වැඩවර්ජනයක

රාජ්‍ය විශ්වවිද්‍යාල හෙට සංකේත වැඩවර්ජනයක

වැටුප් ගැටලුව, රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ලබා දෙන අරමුදල් කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයකට එරෙහි ව සමස්ත විශ්වවිද්‍යාල 17ම හෙට (02) සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානය සහ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් ගේ සමිති සම්මේලනය නාවල විවෘත විශ්වවිද්‍යාලයේ දී අද පැවැත්වූ සාකච්ඡාවක මේ බව තීරණය කළ බව වාර්තාවෙනවා.

මේ අතර, උපයන විට බදු ඇතුළු රජයේ බදු ප්‍රතිපත්තිය අසාධාරණ හා අත්තනෝමතික බව පවසමින්, ඊට විරෝධය පා වෘත්තියවේදීන් ගේ වෘත්තිය සමිති එකමුතුව අද කොළඹ ලෝටස් පාරේ දී විරෝධතාවක් පැවැත්වුවා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ සමිති සම්මේලනය, රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය සහ ලංකා බැංකු සේවක සංගමය ඇතුළු වෘත්තියවේ දී සංගම් කිහිපයක් ලෝටස් පාරේ දී විරෝධතාවක් පැවැත්වූවා.

ඔවුන් මුදල් අමාත්‍යාංශය දෙසට යාමට උත්සාහ කළ අතර, පසු ව පොලීසියේ සම්බන්ධීකරණයෙන් මුදල් අමාත්‍යාංශ නිලධාරිනියක් එම ස්ථානයට පැමිණ පිරිස සමඟ සාකච්ඡා කළ බව වාර්තා වෙනවා.

අනතුරුව සිය ගැටලු ලිඛිත ව එම නිලධාරිණියට ඉදිරිපත් කළ විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත්වුණා.

මේ අතර, වැටුප් ගැටලුවට විරෝධය පා දුම්රිය කම්කරු එකමුතුව දහවල් කෑම පැයේ දී මරදාන දුම්රිය දෙපාර්තමේන්තු මූලස්ථානය ඉදිරිපිට දී විරෝධතාවක් පැවැත්වුවා.

මේ අතර, රුපියල් 20,000ක අවම දීමනාවක් ඉල්ලා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා සේවකයන් රත්මලාන කාර්යාලය අසල දී අද විරෝධතාවක් සංවිධාන කළා.

ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය සංවිධාන කළ විරෝධතාවක් රජයේ මුද්‍රණාලය ඉදිරිපිට දී අද පැවැත්වුණේ, ඉදිරි අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් ඉල්ලමින්.

COMMENTS