බංග්ලාදේශයෙන් ඖෂධ තොගයක් ලංකාවට

බංග්ලාදේශය විසින් මෙරටට ලබාදෙන අමෙරිකානු ඩොලර් 58,000ක් වටිනා ඖෂධ ආධාර තොගයක් ඉදිරි සතියේ දී ලැබීමට නියමිත බව වාර්තා වෙනවා.
එම ඖෂධ අතර අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 54ක් ඇති බව මෙරට බංග්ලාදේශ මහකොමසාරිස් තරෙක් අරිෆුල් ඉස්ලාම් මහතා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සමඟ පැවති හමුවක දී ප්‍රකාශ කර තිබෙනවා.
මහකොමසාරිස්වරයා සඳහන් කළේ පිළිකා සහ වකුගඩු රෝගීන් සඳහා භාවිත කරන ඖෂධ ඒ අතර ඇති බවයි.
බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යංශය හරහා අමෙරිකානු ඩොලර් මිලියනයක් වටිනා තවත් ඖෂධ ආධාර තොගයක් ඉදිරියේ දී ලැබීමට නියමිත බව බංග්ලාදේශ මහකොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දක්වමින්, මෙම ඖෂධ ප්‍රදානය සඳහා පියවර ගැනීම පිළිබඳව බංග්ලාදේශ රජයට ස්තූතිය පළකළ බවයි.
මෙරට ඖෂධ හිඟයට පිළියමක් ලෙස දෙරට අතර ඖෂධ ලබාගැනීම සම්බන්ධයෙන් වන රාජ්‍ය මට්ටමේ දිගුකාලීන වැඩසටහනක් සකස් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද බංග්ලාදේශ මහකොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

