ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු රෆා පිවිසුමෙන් ඉවතට

ගාසා තීරයේ රැඳීසිටි ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු ගාසා – ඊජීප්තු දේශ සීමාවේ පිහිටි රෆා පිවිසුම පසු කර තිබෙනවා.
ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ සිරව සිටි ශ්‍රී ලාංකිකයින්ට එම ප්‍රදේශයෙන් ඉවත් වීම සඳහා අවසර හිමිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගාසා තීරයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනාගෙන් සිව්දෙනෙකුට ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති වීම හේතුවෙන් රැඳී සිටින ස්ථානයෙන් ඉවත්වීම දුෂ්කර වී ඇති බව වාර්තා වෙනවා.

