දැඩි ආරක්ෂක වළල්ල බිඳිමින් ඊශ්‍රායල හමුදාව ගාසා අගනුවරට ළං වෙයි

දැඩි ආරක්ෂක වළල්ල බිඳිමින් ඊශ්‍රායල හමුදාව ගාසා අගනුවරට ළං වෙයි

ගාසා තීරයේ ගොඩබිම් ආක්‍රමණය තවදුරටත් වැඩි කරමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව එහි අගනුවර වෙත ළඟා වෙමින් සිටින බව ‘ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්‘ පුවත් සේවය වාර්තා කළේය. ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත අඛණ්ඩව ගුවනින් බෝම්බ හෙළීම සිදු කරන බවත්, ගොඩබිම් මෙහෙයුම අවසානය දක්වා ක්‍රියාත්මක කරන බවත් ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇතැයි ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

හමාස් සංවිධානයට මේ වන විට දරුණු ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායල හමුදාව සමත්වී ඇති අතර, පැවැති සටන්වලදී ඊශ්‍රායල හමුදා සෙබළුන් 17 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

නිවැරැදි බුද්ධි තොරතුරු මත ගුවනින්, මුහුදෙන් සහ ගොඩබිමෙන් දැඩි ප්‍රහාර එල්ල කරමින් හමාස් සංවිධානයේ ඉදිරි ආරක්ෂක වළල්ල බිඳ දැමූ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ ප්‍රකාශක රියර් අද්මිරාල් ඩැනියෙල් හගාරි තහවුරු කර තිබේ.

https://tinyurl.com/ydz6ms6j