හමාස් ප්‍රහාරයෙන් සුජිත් බණ්ඩාර ජිවිතක්ෂයට

හමාස් ප්‍රහාරයෙන් සුජිත් බණ්ඩාර ජිවිතක්ෂයට

හමාස් ප්‍රහාරයේ ප්‍රාණ ඇපකරුවෙකු ලෙස සිටි බවට සැකකෙරෙන ශ්‍රී ලාංකික සුජිත් බණ්ඩාර මියගොස් ඇති බව ඊශ්‍රායල පොලිසිය විසින් තහවුරු කර තිබෙනවා.

ඊශ්‍රායල තානාපති නිමල් බණ්ඩාර මහතා පවසා තිබෙන්නේ සුජිත් බණ්ඩාර හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයට ගෙන ඇති බවට මීට පෙර සැක කළ නමුත්, ප්‍රහාරයේ දී ඔහු මියගොස් ඇති බවයි.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ හඳුනානොගත් මළ සිරුරක් හා ඔහුගේ දරුවන්ගේ DNA සාම්පල සැසඳෙන බවට ඊශ්‍රායල පොලීසියේ ඉන්ටර්පෝල් ශාඛාව අද සනාථ කළ බවයි

මේ අතර සුජිත් යටවර බණ්ඩාර මහතා දේහය ශ්‍රී ලංකාව වෙත එවීමට අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව ද නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.