ක්‍රිකට් පරිපාලනය සහ ක්‍රීඩාව තුළ පුද්ගලිකත්වය මතුවෙලා – විපක්ෂ නායක

ක්‍රිකට් පරිපාලනය සහ ක්‍රීඩාව තුළ මේ වන විට පුද්ගලිකත්වය මතු වී ඇති බව විපක්ෂ නායක ප්‍රකාශ කළා.
එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගැනීමට පුද්ගලික වාදභේදවලින් තොරව නැවතත් නැගී සිටිය යුතු බවත්, ඒ සඳහා හොඳ අවබෝධයක් ඇති පුද්ගලයින් හට එම වගකීම බාර දී දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව නැවතත් නැඟී සිටිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (04) හිඟුරක්ගොඩ මහා විද්‍යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.
මේ වන විට ක්‍රීඩාව තුළ පුද්ගල චරිත වර්ධනයට කඳවුරු ගැසී ඇති බවත්, මේ තත්ත්වය වෙනස් වී රටක් ලෙස එක කඳවුරක් බවට පත් වී පාසල් වයසේ සිට දක්ෂතාවට, කුසලතාවට සහ හැකියාවට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළටම යා හැකි තත්ත්වයක් ඇති කර, මෙහි ඇති දේශපාලන සබඳතාව නැති කර දැමිය යුතු බව විපක්ෂ නායක වැඩිදුරටත් ප්‍රකාශ කළා.

