ගෑස් මිලෙහි වැඩි වීම හමුවේ, බේකරි කර්මාන්තය අර්බුදයක

ගෑස් මිලෙහි වැඩි වීම හමුවේ, බේකරි කර්මාන්තය අර්බුදයක

ගෑස් මිල වැඩි වීම හමුවේ බේකරි කර්මාන්තය පවත්වා ගෙන යෑමට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන් .කේ ජයවර්ධන මහතා සඳහන් කළේ, බේකරි නිෂ්පාදන අලෙවිය සියයට 25 කින් පහළ ගොස් ඇති බවයි.

ගෑස් මිල වැඩි වුවත් බේකරි නිෂ්පාදනවල මිල වැඩි නොකරන බව ඔහු ප්‍රකාශ කළේ.

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ සමාගම ගෑස් මිල ඉහළ දැමීමට කටයුතු කළේ ඊයේ (04) දිනයේ දීය.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 95 කින් ඉහළ දැමීමට කටයුතු කළ අතර එහි නව මිල රුපියල් 3,565 ක්.

රුපියල් 38 කින් කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල ඉහල දැමූ අතර එහි නව මිල රුපියල් 1,431 වේ.

කිලෝග්‍රෑම් 2.3 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 650 සිට රුපියල් 18 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රපියල් 668 කි.