අස්වැසුම දෙවන වටය සඳහා අයදුම්පත් කැඳවීම ගැන දැනුම් දීමක්

අස්වැසුම දෙවන වටය සඳහා අයදුම්පත් කැඳවීම ලබන ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බව සමාජ සුබසාධන ප්රතිලාභ මණ්ඩලය පවසයි.
එහි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික කමල් පද්මසිරි මහතා සඳහන් කළේ, පළමු වටයේ ගෙවීම් දෙසැම්බර් මාසය වන විට අවසන් කරන බවයි.
අස්වැසුම ප්‍රතිලාභීන්ට සැප්තැම්බර් මාසයේ ගෙවීම් නොවැම්බර් 15 වැනිදා වන විට සහ,
ඔක්තෝම්බර් මාසයේ ගෙවීම් නොවැම්බර් මාසය අවසානයේ සිදු කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.
සමාජ සුබසාධන ප්රතිලාභ මණ්ඩලයේ සාමාජික කමල් පද්මසිරි මහතා සඳහන් කළේ, හෙට (06) සිට අස්වැසුම විශේෂ සතිය ආරම්භ වන බවයි.
ප්රතිලාභ වැඩසටහන විධිමත් කිරීම සහ දැනට පවතින ගැටළු විසඳීම එම සතිය යටතේ ක්‍රියාත්මක වේ.
ලබන 11 වැනිදා දක්වා එම සතිය ක්‍රියාත්මකයි.

