පාලන මිල ඉක්මවා සීනි අලෙවි කරන වෙළදුන්ට වැඩ වැරදි

සීනි අලෙවි කළ යුත්තේ පාලන මිලට පමණක් බවත් එම මිල ඉක්මවා සීනි අලෙවි කරන වෙළදුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
සීනි බදු සංශෝධනය තුළින් අයුතු ලාභ ලැබීමට කිසිවෙකුටත් ඉඩ ලබා නොදෙන බවත් තමන් වැටලීම් සිදු කරන ලෙසට පාර්භෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දුන් බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
රුවන්වැල්ල ප්‍රදේශයේ අද (05) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.
සීනි බදු සංශෝධනය කිරීමත් සමග පසුගිය සෙනසුරාදා රජය විසින් සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළා.
ඒ අනුව පැකට් නොකළ සුදු සීනි කිලෝවක් සඳහා රුපියල් 275 කටත්, පැකට් කළ සුදු සීනි කිලෝවක් රුපියල් 295 කටත් අලෙවි කළ යුතුයි.
එමෙන්ම පැකට් නොකළ දුඹුරු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 330ක් වන අතර පැකට් කළ දුඹුරු සීනි කිලෝවක මිල රුපියල් 350ක් ලෙස එහි දැක්වුණා.

