කෝලි සචින්ගේ වාර්තාව සම කරයි

කෝලි සචින්ගේ වාර්තාව සම කරයි

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ පැවැත්වුණ ලෝක කුසලාන තරගයේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නොදැවී ලකුණු 101ක් රැස් කිරීමට විරාත් කෝලි සමත්විය.

එය ඔහුගේ 49වැනි එක්දින ජාත්‍යන්තර ශතකය වෙයි.

ඒ සමගම එක්දින ජාත්‍යන්තර ශතක 49ක් ලබාගෙන සුපිරි පිතිකරු සචින් තෙන්දුල්කාර් තබා තිබූ වාර්තාව සම කිරීමට කෝලි සමත්විය.

මේ අතර ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ (05) පැවති තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 326ක් රැස්කළේය.

නමුත් ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව රැස්කළේ ලකුණු 83ක් පමණි.

ඒ අනූව ඉන්දීය කණ්ඩායම මෙම තරගය ලකුණු 243කින් ජය ලැබීය.

මෙය ඔවුන් 2023 ලෝක කුසලාන තරගාවලියේ පිටපිට ලැබූ 8වැනි ජයග්‍රහණය යි.

COMMENTS