හමාස් භූගත කඳවුරු සංකීර්ණයක් සොයාගනයි
ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් ආරම්භ වී අදට මාසයක් වෙනවා.
ඊශ්‍රායල හමුදා නිවේදනය කළේ ප්‍රහාරය අතරතුර හමාස් සංවිධානයට අයත් භූගත කඳවුරු සංකීර්ණයක් සොයාගත් බවයි.
කඳවුරු සංකීර්ණය පිහිටා තිබෙන්නේ ගාසා හි රෝහල්වලට පහළින් බව වාර්තා වෙනවා.
ඊශ්‍රායල හමුදා නිවේදනය කළේ ගාසාහි උතුරු කලාපය හුදකලා කර වටකරගැනීමට තමන්ට හැකි වූ බවයි.
ඒ ගාසා තීරයේ ගැටුම් සමනය කිරීමේ අරමුණින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කින් මැදපෙරදිග කලාපයේ සංචාරයක නිරතවන පසුබිමකයි.
ඊශ්‍රායලය ගාසා තීරය වෙත නොනැවතී ගුවනින් ප්‍රහාර එල්ල කරන්නේ පලස්තීන දරුවන් ඇතුළු දස දහසකට පමණ ජීවිත අහිමි කරමින්.
ගොඩබිමින් ද ප්‍රහාර එල්ල කරන ඊශ්‍රායල හමුදා අද (06) නිවේදනය කළේ, ගාසා තීරය කොටස් දෙකකට වෙන්කර උතුරු ගාසාව හුදකලා කිරීමට තමන්ට හැකිවූ බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගාසාහි සන්නිවේදන පහසුකම් මුළුමනින්ම අවහිර වී ඇති බැවින්, දුරකතන සහ අන්තර්ජාල සේවා සියල්ල ක්‍රියාත්මක නොවන බවයි.
ඊශ්‍රායලය පෙන්වා දෙන්නේ සිවිල් වැසියන්ට දකුණු කලාපය වෙත ඉවත්වයාමට අවශ්‍ය මානුෂීය කොරිඩෝව විවෘත කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.