ක්‍රිකට් ගොඩගන්න ඩිල්ෂාන් පෙරට එයි

ක්‍රිකට් ගොඩගන්න ඩිල්ෂාන් පෙරට එයි

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව යළි ගොඩනැගීමට සහාය අවශ්‍ය ඕනෑම අවස්ථාවක එය ලබාදීමට සුදානම් බව හිටපු ක්‍රිකට් ක්‍රිඩක තිලකරත්න ද ඩිල්ෂාන් පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීම සඳහා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග තේරී පත්වීම ගැන සුබ පැතුම් එක් කරමින් තිලකරත්න ඩිල්ශාන් සිය නිල මුහුණු පොතට වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ දක්ෂ තරුණ ක්‍රීඩකයින් සිටින බැවින් ඔවුන්ට අවශ්‍ය වන්නේ නිවැරදි මඟ පෙන්වීමක් බවයි.

COMMENTS