අද රාත්‍රියේ ප්‍රබල අකුණු සමඟ වැසි

අද රාත්‍රියේ ප්‍රබල අකුණු සමඟ වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අද(08) රාත්‍රි කාලයේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට ප්‍රබල අකුණු සමඟ වැසි ඇති විය හැකි බවයි.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.