කලාකරුවන් 120කට සාම විනිසුරු පත්වීම්

කලාකරුවන් 120කට සාම විනිසුරු පත්වීම්

කලා ක්ෂේත්‍රයන්හි ප්‍රවීණ කලාකරුවන් සදහා මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරු පත්වීම් අද පෙරවරුවේ ප්‍රධානය කළා.

ඒ අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව කලාකරුවන් සඳහා සාම විනිසුරු පදවි පිරීනැමීමට පියවර ගත් බව වාර්තා වෙනවා.

ඒ අනුව දේශීය කලාවේ උන්තිය වෙනුවෙන් සිය කුසලතා හැකියාවන් සහ නිර්මාණ දායකත්වය දැක්වු කලාකරුවන් 120 දෙනෙකු සඳහා පළමු අදියර යටතේ සාම විනිසුරු පත්වීම් ප්‍රදානය කළා.

සිනමාව, වේදිකාව, රූපවාහිනිය, ටෙලි නාට්‍ය, සංගීතය, ගීත ගායනය, ගීත රචනය ආදී කලා ක්ෂේත්‍රයන්හි ප්‍රවීණ කලාකරුවන් සඳහා මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරු පදවි පිරිනැමීම සිදු වුණා.