දකුණු අප්‍රිකානුවන්ට ලකුණු 245ක ඉලක්කයක්

දකුණු අප්‍රිකානුවන්ට ලකුණු 245ක ඉලක්කයක්

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 42වැනි තරඟය වන ඇෆ්ගනිස්ථානය සහ දකුනු අප්‍රිකාව අතර තරඟය අද (10) පස්වරු 02.00ට ඉන්දියාවේ අහමදාබාද්හි දී ආරම්භ වුණා.

කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඇෆ්ගනිස්ථානය පන්දුවාර 50 අවසානයේ කඩුළු සියල්ල දැවී ලකුණු 244ක් ලබා ගත්තා.

පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ Rahmanullah Gurbaz ලකුණු 25යි.

Rahmat Shah ලකුණු 26යි.

නායක Hashmatullah Shahidi ලකුණු 02යි.

Ibrahim Zadran ලකුණු 16යි.

අගනා ඉනිමක් ක්‍රීඩාකළ Azmatullah Omarzai ලකුණු 97යි.

පන්දු යැවීමේ දී Gerald Coetzee කඩුළු 04ක් ද, Keshav Maharaj,Lungi Ngidi කඩුළු 02 බැගින් ද, Andile Phehlukwayo එක් කඩුල්ලක් බැඟින් දවාගත්තා.

ලකුණු 245ක පිළිතුරු ඉලක්කයක් දකුණු අප්‍රිකාවට හිමි අතර, 2023 එක්දින ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ දකුණු අප්‍රිකාව දෙවන ස්ථානයේත්, අෆ්ගනිස්ථානය සය වැනි ස්ථානයේත් පසුවෙනවා.

COMMENTS