චිකුන්ගුන්යා සඳහා එන්නතක්

ලොව පුරා සෞඛ්‍ය තර්ජනයක් වෙමින් පවතින චිකුන්ගුන්යා රෝගය සඳහා එන්නතක් නිපදවා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම එන්නත සඳහා අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලක මණ්ඩලය අනුමැතිය ද ලබා දී ඇති බවයි.
මදුරු විශේෂයකින් ඇතිවන මෙම රෝගය නිසා උණ සහ සන්ධි වේදනාව ඇතිවෙන අතර, විශේෂයෙන් අලුත උපන් දරුවන් සඳහා එය මාරාන්තික බව හඳුනාගෙන තිබෙනවා.
පසුගිය සැප්තැම්බර් මාසය වනවිට චිකුන්ගුන්යා රෝගීන් 440,000ක් හඳුනාගෙන ඇති බවත්, මරණ 350ක් වාර්තා වූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

