මුදල් වංචා කළ ව්‍යාජ ආයතනයක් කොටුවෙයි

මුදල් වංචා කළ ව්‍යාජ ආයතනයක් කොටුවෙයි

ඊශ්‍රායලයේ කෘෂිකර්ම අංශයේ රැකියා ලබාදෙන බව පවසමින් ජනතාව නොමඟ යැවූ ව්‍යාජ ආයතනයක ජාවාරමක් පිළිබඳ වාර්තා වෙනවා.

විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විශේෂ වැටලීම් ඒකකය විසින් මිලියන ගණනක මුදල් වංචා කළ මෙම ව්‍යාජ ආයතනය අද(10) කොටු කරගෙන තිබෙනවා.

වත්තල උස්වැටකෙයියාව ප්‍රදේශයේ පිහිටි මෙම ව්‍යාජ ආයතනය වැටලීමේ දී ප්‍රධාන සැකකරු පලාගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ කටයුතු මේ වන විට ක්‍රියාත්මකයි.

පොලිසිය සඳහන් කළේ වැටලීම සිදු කිරීමේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් මෙම ජාවාරම්කරුවන් වෙත ජීව දත්ත පත්‍රිකා ( CV ) දහසකට අධික සංඛ්‍යාවක් එවා ඇති බවත්, ඒ සියල්ල පොලිස් භාරයට ගෙන ඇති බවයි.