ශූරයින්ගේ කුසලාන තරගාවලිය ලංකාවට අහිමිවෙයි

ශූරයින්ගේ කුසලාන තරගාවලිය ලංකාවට අහිමිවෙයි

ශ්‍රී ලංකාවට 2025 වසරේ පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට තිබු අවසන් අවස්ථාව අහිමි වුණි.

ක්‍රිකට් ඉතිහායේ පළමුවරට ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම නොමැතිව ක්‍රීඩා කරන ICC තරගාවලිය බවට 2025 ශූරයින්ගේ කුසලාන තරගාවලිය පත්වනු ඇත.

2025 ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබාගන්නවාද නැද්ද යන තීරණයට සෘජුව බලපාන තීරණාත්මක තරගයක් ඔස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර පෙරේදා පැවැත්වුණි.

එම තරගයෙන් කඩුලු 8ක ජයක් හිමිකරගත්තේ ඔස්ට්‍රේලියාවය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවි ලකුණු 308ක් රැස්කරගත් අතර ඔස්ට්‍රේලියාව පන්දුවාර 44යි පන්දු 4කදී කඩුලු දෙකක් පමණක් දැවි ජයග්‍රාහි ඉලක්කය පසුකර ගියේය.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව තරග 2 බැගින් ජයගෙන ප්‍රසාද ලකුණු 4 බැගින් ලබා සිටියද බංග්ලාදේශ කණ්ඩායමේ ශුද්ධ ලකුණු ලබාගැනීමේ වේගය ශ්‍රී ලංකාවට වඩා ඉහළ අගයක් ගැනීම හේතුවෙනි.

COMMENTS