2024 දි රාජ්‍ය අංශය ඩිජිටල්

2024 දි රාජ්‍ය අංශය ඩිජිටල්

2030 වසර වනවිට ඩිජිටල් ආර්ථිකය කරායෑමේ දී පහසුකම් සැලසීම සඳහා රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණයට අදාළ සංවිධානාත්මක ව්‍යුහය ප්‍රතිව්‍යූහගත කිරීමට 2024 අයවැය තුළින් ජනාධිපතිවරයා අද (13) යෝජනා කළා.

ඒ අනුව රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීම සඳහා අවශ්‍ය නායකත්වය හා මඟපෙන්වීම සැපයීමට පූර්ණ බලතල සහිත ඩිජිටල් අධිකාරියක් පිහිටුවීමට නියමිතයි.

මීට අමතරව තාක්ෂණික නවෝත්පාදක සභාවක් පිහිටුවීමට ද යෝජනා කළා.

කෘතිම බුද්ධිය පිළිබඳ ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ද කටයුතු යොදන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අතර, ඒ ඩිජිටල් තාක්ෂණයේ නවතම ප්‍රවණතාවන් වෙනුවෙන් ආර්ථික සහ සමාජයීය පරිවර්තනයක් සිදු කිරීමේ අරමුණින්.

මෙම කාර්යයන් වෙනුවෙන් ඉදිරි වසර සඳහා රුපියල් බිලියන 3ක මුදලක් වෙන් කර තිබෙනවා.

මෙම අරමුණු කරා ළඟාවීම 2024 වසර තුළ දී අවසන් කිරීමට අපේක්ෂිතයි.