2024ට මත්පැන් පිළිබඳවත් යෝජනා

2024ට මත්පැන් පිළිබඳවත් යෝජනා

බදු පරිපාලනය වැඩිදියුණු කිරීමට අදාළව සුරාබදු දෙපාර්තමේන්තුව සම්බන්ධ යෝජනා කිහිපයක් 2024 අයවැය යෝජනාවෙන් ඉදිරිපත් කර තිබෙනවා.

එම යෝජනා පහතින්,

මත්පැන් කර්මාන්තයේ විනයානුකූලභාවය පවත්වාගෙන යාම සඳහා නම්‍යශීලී විවෘත කිරීමේ වේලාවන් හඳුන්වාදීම.

සුරාසැල් නොමැති ප්‍රදේශ ඇති කරමින් සුරාසැල් අතාර්කික ලෙස පැතිර පැවතීමේ ගැටලුවට පිළියම් යෙදීමේ අරමුණ ඇතිව ඇතැම් බලපත්‍ර සඳහා වන උපරිම සීමාවන් සංශෝධනය කිරීම.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්තිමය යෝජනා අතර, තෝරාගත් දේශීයව නිෂ්පාදිත මත්පැන් බදු නිදහස් සාප්පුවල අලෙවි කිරීමට ඉඩ සැලසීම.

බලපත්‍ර සඳහා වර්තමානයේ පවතින ඉල්ලුමට අනුරූපීව යන පදනම මත සුරාබදු බලපත්‍ර ගාස්තු ඉහළ නැංවීම.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ බදු පරිපාලන ක්‍රමවේද සහ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තිමය යෝජනා පහතින් දැක්වේ.