ප්‍රපාතයකට බස් රථයක් පෙරළෙයි

ප්‍රපාතයකට බස් රථයක් පෙරළෙයි

ඉන්දියාවේ ජම්මු කාෂ්මීර් ප්‍රාන්තයේ සිදු වූ බස් අනතුරකින් පුද්ගලයින් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මගීන් 55 දෙනෙකු රැගත් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් තවත් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

තුවාල ලැබූවන් රෝහල්ගත කිරීම සඳහා හෙළිකොප්ටර් යානා ද යෙදවීමට ප්‍රාන්ත බලධාරින් පියවර ගත් බව වාර්තා වෙනවා.

COMMENTS