ඩයනාගේ පෙත්සම විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක් නම් කරන්නේද? නැද්ද?

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කළ පෙත්සම විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක් නම් කරන්නේද නැද්ද යන තීරණය ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරන බව අගවිනිසුරුවරයා පැවසුවා.
ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් කළ ඉල්ලීම සළකා බැලීමෙන් අනතුරුවයි අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මේ බව ප්‍රකාශ කළේ.
පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට පෙර ඇයට සාධාරණ විනය පරීක්ෂණයක් ලබාදීමට කටයුතු කර නැති බැවින් මෙය මහජන වැදගත්කමක් සහිත නඩුවක් සේ සලකා පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම සලකා බලන ලෙසයි මෙහිදී ඉල්ලීම් කෙරුණේ.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් කියාසිටියේ පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම විභාගයට ගැනීමට තරම් කරුණු කිසිවක් හෙළි නොවන බවයි.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් රංජික් මද්දුම බණ්ඩාර යන අය සහ පාර්ලිමේන්තු මහ ලේකම් හා මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයින් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.

