ළමා අපයෝජන සිද්ධි අවම කිරීමට වැඩපිළිවෙලක්

ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන පිළිබඳ ගැටලු විසඳීම සඳහා වන නිර්දේශ ඇතුළත් වන වාර්තාව සකස් කර අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය ප්‍රකාශ කළා.
ඇයගේ සභාපතිත්වයෙන් යුත්, ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය හා ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඒකාබද්ධව පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේ දීයි මන්ත්‍රීවරිය මෙම අදහස් පළ කළේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ තලතා අතුකෝරල මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හා ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය ඒකාබද්ධව අදාළ සියලු ආයතන හා නිලධාරීන්ගේ අදහස් හා යෝජනා මත ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන පිළිබඳ ගැටලු විසඳීම සඳහා වන නිර්දේශ ඇතුළත් වන වාර්තාව සකස් කර තිබෙනවා.
මෙම වාර්තාවේ පවතින නිර්දේශ ක්‍රියාත්මක වීම ඔස්සේ ශ්‍රී ලංකාවේ සිදුවන ළමා අපයෝජන තත්ත්වයන් අවම කිරීමට හා පලනය කිරීමට ප්‍රායෝගික මට්ටමින් ඉඩ ප්රස්ථා ලැබෙන බව ද ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය වැඩි දුරටත් සඳහන් කළා.
මේ අතර, දිවයින පුරා පාසල්වල ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ඒකාබද්ධ ජාලයක් යටතේ සිදු කිරීමට මේ වනවිට සැළසුම් සකස් කර ඇති බවද ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරිය පැවසුවා.
මේ ඔස්සේ පාසල් දරුවන් අපහසුතාවයට පවත් නොවන ආකාරයට මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක වන බව ද සඳහන්.
ළමුන් සඳහා ලිංගික අධ්‍යාපනය නිවැරදිව නොලැබීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ මතුව ඇති ගැටලු සම්බධයෙන් ද මෙහිදී සාකච්ජා වී තිබෙනවා.
වයස් ඛාණ්ඩ අනුව ළමුන් සඳහා ලිංගික අධ්‍යාපනය නිවැරදිව ලබාදීම සඳහා මේ වනවිට නව විෂය නිර්දේශ මාලාවක් සම්පාදනය කර අවසන් බව ද මන්ත්‍රීවරිය ප්‍රකාශ කර සිටියා.

