පාසල් ගොඩනැගිලි 74ක් අවදානම්

පාසල් ගොඩනැගිලි 74ක් අවදානම්

දිවයින පුරා අවදානම් පාසල් ගොඩනැගිලි 74ක් හඳුනාගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සහ තංගල්ල බාලිකා විද්‍යාලයේ තිබූ අබලන් ගොඩනැගිලි ද හඳුනාගෙන ඒවා ඉවත්කර නව ඉදිකිරීම් කිරීම සිදු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා විසින් අබලන් ගොඩනැගිලි තම පාසල්වල ඇත්නම්, ඒවා සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙස හා සිසුන් එවැනි ගොඩනැගිලි වලින් ඉවත්කර ඔවුන්ගේ ආරක්ෂාව සලසන ලෙස විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබෙනවා

2019 සිට වසර 4ක් පාසල් ගොඩනැගිලි අලුත්වැඩියාව සහ නව ඉදිකිරීම් සඳහා රජයෙන් ප්‍රතිපාදන ලබා නොදීම හේතුවෙන් එම තත්ත්වය ඇති වූ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (15) වැල්ලම්පිටිය වේරගොඩ, විද්‍යාලයේ පළමු වසරේ දැරියක් එහි ජලකරාම සවිකර තිබූ බැම්මක් පෙරළීමෙන් ඊට යටවී ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින්.