ICC රැස්වීම ගැන විශේෂ නිවේදනයක්

2023 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරඟයෙන් දින දෙකකට පසු එනම් 21 වැනිදා අයිසීසී අධ්යක්ෂ මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිත බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරනවා.
අහමදාබාද්හි පැවැත්වීමට නියමිත රැස්වීමේ දී සාකච්ඡා කිරීමට නියමිත කරුණු පිළිබඳ ව ද ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීම, එක්දින ක්‍රිකට්වල අනාගතය, අයිසීසී පූර්ණ සාමාජිකත්වය සහිත රටවල් ඉලක්ක කර ගත් වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කිරීම රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් බව වාර්තා වෙනවා.
එසේම 2028 දී ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උලෙළට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු කිරීම ගැන ද මෙහි දී සාකච්ඡා කිරීමට නියමිතයි.
පසුගිය සතියේ ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම පිළිබඳ කාරණය අයිසීසී රැස්වීමේ ප්‍රධාන අංගයක් වන බව ද වාර්තා වෙනවා.
ජනවාරි සහ පෙබරවාරි මාසවල පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ පිරිමි ලෝක කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව දිගටම පවත්වාගෙන යන්නේ ද යන කාරණයට ද එහි දී අවධානය යොමු වීමට නියමිතයි.

