සෞඛ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

සෞඛ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා කිසිදු දේශපාලන බලපෑමක් සිදු කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

එම පරීක්ෂණ කටයුතු සඳහා කිසියම් කාල සීමාවක් අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.

එම ඖෂධය මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ සිදු කෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ බව කියා සිටියා.

මන්ත්‍රීවරයා සඳහන් කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනමක් පනවා ඇති පුද්ගලයෙකු මෙරටින් පළා ගොස් ඇති බවයි.

අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පුද්ගලයන් 09 දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පැනවීමට මාළිගාකන්ද අධිකරණය නියෝග කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ද එම පුද්ගලයන් අතරට ඇතුළත් බවයි.

එමෙන්ම එම සිද්ධියට අදාළ තවත් තිදෙනෙකුට මීට ඉහත දී විදෙස් ගමන් තහනමක් පනවා තිබුණා.