ජනපතිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඉල්ලීම අනුව තමන් ක්‍රිකට් ආයතනය විසින් අධිකරණය හමුවේ ගොනුකිරීමට නියමිතව තිබූ නඩුවට පෙනී සිටින ලෙස නීතිපතිවරයාට දැනුම්දුන් බව ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කළා.
ජනපතිවරයා එහි දී පැවසුවේ ඊට පසුදින නඩුව සඳහා ඔවුන් අධිකරණය වෙත යනවිට 10.30 වී ඇති බවත්, ඒ වන විට නඩු තීන්දුව ලබා දී ඇති බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන් මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් වාර්තාවක් කැඳවීමට නියමිත බව ද ජනාධිපති සඳහන් කළා.
නියමිත වෙලාවට ඔවුන් අධිකරණය වෙත ගියේ නම්, මෙවැනි අවස්ථාවක අධිකරණයෙන් යම්කිසි තීන්දුවක් ලබාදීමට තිබූ බව ද ජනපති වැඩිදුරටත් ප්‍රකාශ කළා.

